මම බොහෝ විට වෙබ් යන්න භාවිතා කරන්නෙ මගේ මොබයිල් ෆෝන් එකේ Opera mini Browser එක. නමුත් අපට සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකේ සිංහල අකුරු නැති නිසා සිංහල සයිට් වලදී අකුරු පෙන්නන්නේ නෑ. ඒ නිසා මම ෆෝන් එකෙන් සිංහල සයිට් වලට යන ක්‍රමයක් සෑහෙන කාලෙක ඉඳලා හෙව්වා. අන්තිමට ක්‍රමයක් හම්බ වුනා. ඒකත් Opera mini browser එකෙන්ම. නමුත් සාමාන්‍යයෙන් Opera mini browser එකේ සිංහල අකුරු පෙන්නන්නේ කොටු විධියට. ඒක නිවැරදි කරගන්න එහි settings වෙනස් කරන්න වෙනවා. නමුත් Opera mini browser එකේ settings menu එකෙන් මේක කරන්න බෑ. ඒකට Opera mini වල තියෙන hidden menu එකට යන්න ඕනෑ. මේ සඳහා මුලින්ම Opera mini browser එකේ address bar එකට ගිහින් config: කියලා ටයිප් කර ok කරන්න. එතකොට පහත ආකාරයේ පිටුවක් එයි.

එහි ඇති Use bitmap fonts for complex scripts යන්න yes ලෙස වෙනස් කරන්න. මේ මෙනු එක භාවිතයෙන් අවශ්‍ය නම් Opera mini Browser එකේ බොහෝ වෙනස්කම් සිදුකරගන්න පුළුවන්. අන්තිමට save. දැන් වැඩේ අවසන්. කරන්න තියෙන්නේ සිංහල සයිට් එකකට ගිහින් පරීක්ෂා කිරීමයි.

නමුත් සමහර සිංහල අකුරු මෙයින් නිවැරදිවම පෙන්වන්නේ නෑ. ඒත් කියවීමට තරම් එය ප්‍රමාණවත්. මොබයිල් ෆෝන් එකෙන් සිංහල සයිට් වලට යන්න මීට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් මටත් කියන්න.
niyamai.. ! හැබැයි අකුරු නම් ජනක මහබෙල්ලන ගෙ රුයිත දහය කවි පොතේ අකුරු වගේ!!!
ReplyDeleteඔයාගේ දුරකතනේ මොකක්ද?මම නම් භාවිත කරන්නෙ NetFront 4.3 Browser + Malithi.... මම හිතන්නේ මගේ පෝස්ට් එක දකින්න ඇති
ReplyDeleteමගෙ ෆෝන් එක SE k810. ඔයාගෙ පෝස්ට් එක කිව්වෙ මොන පෝස්ට් එකද?
ReplyDeleteමම කීවේ මේ දෙක
ReplyDeletehttp://adaviya.buddika.com/2009/03/blog-post_24.html
http://adaviya.buddika.com/2009/02/blog-post_22.html
mamat try karala balannamko
ReplyDeleteස්තුතියි.
ReplyDelete