අදත් ලියන්න ගත්තට මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ.
- Keyboard protector – මගෙ ලැප්ටොප් එකේ කීබෝඩ් එකේ ආරස්සාවට.
- USB LED flexibly lamp light for laptop – මේකනම් ගෙන්න ගත්තෙ යාලුවෙක්ට
- Solar Power rechargeable LED Flashlight Torch Key chain – මේක recharge කරගන්න එක තමයි ටිකක් අමාරු.
- Ultrasonic pest repeller – මදුරු වදේට විසඳුම. හැබැයි කොච්චර මදුරුවො යනවද කියල නම් අහන්න එපා.
- Mini Bluetooth Dongle – පොඩි වුනාට එළටම වැඩ.
- VGA to TV RCA S-VIDEO converter adapter cable – TV එකෙන් මොනිටරය බලන්නට. හැබැයි මේකට මගෙ VGA card එක support නැහැනේ.
- SMA Jack to CRC9 male right angle 3G Huawei Modem – මේක ගෙදරට ආවෙ මේ සතියෙ. EDGE වලට වත් හරියට signal නැති අපේ ගෙදර ඉදන් මගෙ මොඩම් එකට (Huawei E156G) HSDPA signal එකක් අල්ල ගන්න මේ jack එක ලොකු පිහිටක් වුනා. දැන් අපේ ගෙදරටත් hsdpa.
කොහොම කොහොම හරි මේ මාස හයේ වැඩි කාලයක් ගෙවිලා ගියේ මගෙ අධ්‍යනය කටයුතුත් එක්ක තමයි. දැන් විශ්වවිද්‍යාලයේ පලමු අධ්‍යන වසරත් අවසන්. මේ දවස් වල පලමු අධ්‍යන වසර අවසානයේ ලැබෙන මාස තුනක පමණ වූ නිවාඩු කාලය තමයි ගෙවෙන්නේ. මේ දවස් වල නම් වැඩිපුරම කරන්නේ අන්තර් ජංජාලෙ සැරිසරන එකයි. ඒ එක්කම Google map maker එක්කත් ඔට්ටු වෙනවා. අපේ ගම Google Map එකට දාන්න. ඔය අතරෙදි මම HSDPA signal ගත්තු හැටි, මගෙ 2.6Ghz processor එක 3.3Ghz වලට overclock කරපු හැටි වගේම metropolitan වලින් මගෙ ලැප් එකට warranty දුන්නු හැටි එහෙමත් ඉස්සරහට ලියන්නම්. (මේවා ගැන ලියන්නත් තවත් මාස ගානක් යයිද දන්නෙ නෑ……….)
No comments:
Post a Comment
කියවපු එකේ මොනවහරි ලියලම යන්න. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.