Sunday, June 28, 2009

ඔන්න මමත් පටන් ගත්තා

මේ දවස් කීපයේම මම මගේ බ්ලොග් එක ලිව්වෙත් අනිත් අයගෙ බ්ලොග් කියෙව්වෙත්
මගෙ මොබයිල් ෆෝන් එකෙන්. ඒකට Opera mini එක ගොඩක් උදව් උනා. අදත් ලියන්නෙ
ෆෝන් එකෙන්ම තමයි. අමාරුම වැඩේ ෆෝන් එකෙන් සින්හල කොටන එක. දැන්නම්
සෑහෙන්න පුරුදුයි. ෆෝන් එකෙන්ම ලියන්න හේතුව මගෙ lankabell dialup
සබඳතාවය ඉවත් කල නිසයි. ඉදිරියෙදි හොඳ සබඳතාවක් ගන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට කියන්නම්.

හැමෝම වගේ photo blog පටන් ගත්තු හින්ද මමත් photo blog එකක් පටන් ගත්ත.
ඉතින් මෙන්න මගේ photo blog එක.

http://upulphotoblog.blogspot.com

පටන් ගත්ත කිව්වට ඇත්තටම මුල්ම පෝස්ට් එක දාල සෑහෙන කල්.මගෙ ෆෝන් එකෙන්
කෙලින්ම ෆොටෝ, බ්ලොග් එකකට යවන්න පුලුවන් නිසා ටෙස්ට් කරල බලන්නත් එක්ක
තමයි ඒක දැම්මෙ. මේකෙ කැමරාවෙන් ගන්න ෆොටෝත් ඉතා හොඳ මට්ටමේ තිබෙන නිසා
මම ගත්තු හොඳ ෆොටෝ ඉදිරියේදි දිගටම බ්ලොග් එකට දාන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඉදිරියෙදිත් නිවාඩු වෙලාවට මගෙ photo blog එක පැත්තෙ ඇවිත් යන්න.
විශේෂයෙන් මේ ගැන ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවා.

--
Sent from my mobile device

4 comments:

  1. කෝ තාම ෆොටෝස් ටිකයිනේ දාලා තියෙන්නේ.......

    ReplyDelete
  2. ඉස්සරහට තව ෆොටෝස් දාන්නම්

    ReplyDelete
  3. hodi hodai digatama karagena yanna uthsahawanthaya jayaganiiiiiiiiiii!!!!!!!!!

    ReplyDelete
  4. මම ඔන්න කොමෙන්ට් එකක් දාම්මෝ

    ReplyDelete

කියවපු එකේ මොනවහරි ලියලම යන්න. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.