Wednesday, September 15, 2010

බ්ලොග් නො ලියපු මාස හයක්. ebay සහ තවත් කතා.

           ඔන්න මාස හයකට පස්සේ තවත් ලිපියක්. මේකත් දැන් පුරුද්දකට ගිහිල්ලා වගේ. ඒ කිව්වේ මාස ගානක් ලියන්නෙ නැතිව ආපහු ඇවිත් ලියන එක. මම එහෙම කිව්වෙ ඇයි කියලා මගෙ කලින් පෝස්ට් ටික දැක්ක කෙනෙකුට හිතාගන්න පුලුවන්. මොකද මම බ්ලොග් ලියන්න පටන් අරන් දැන් අවුරුදු එක හමාරකටත් වැඩි වුනාට තාමත් ලියලා තියෙන්නේ පෝස්ට් දහයක් වගේ පොඩි ගානක්. ඒ අතින්  බලන කොට බ්ලොග් ලියන එකත් ලේසිපාසු වැඩැක්යැ.  Whew
           අදත් ලියන්න ගත්තට මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ. Thinking ඒක හින්දා හිතට එන දේවල් ටිකක් ලියලා දාන්නම්. මුලින්ම මේ මාස හය ගෙවුන හැටි ලියන්නම්කෝ. අපේ efor අවසන් වුනු කාලෙම වගේ තමයි ධනිකගේ සිතිවිලි දැකලා ebay එකෙන් ගනුදෙනු කරන්න හිතිලා sampath web card එකක් ගත්තේ. web card එක ලැබුනු ගමන්ම කලේ Godaddy ගිහින් ඩොමේන් එකක් ගත්තු එක. අත්හදා බලන්නත් එක්ක මුලින්ම ගත්තෙ .info ඩොමේන් එකක්. ඒකෙ ප්‍රතිඵලය තමයි මගේ බ්ලොග් ලිපිනය blog.upulpalitha.info ලෙසින් වෙනස් වීම. ඉතින් ඊට පස්සෙ ebay එක්ක ගනුදෙනු කරන්නත් පුරුදු වුනා. ගනුදෙනු කිව්වට ඉතින් තාම ගෙන්න ගත්තා විතරයි. ඒ වගේම මම ගෙන්න ගන්න ඉල්ලුම් කරපු සියලුම දේවල් සති දෙකකටත් වඩා අඩු කාලයක් ඇතුලත ඉතා හොඳ තත්වයෙන් ගෙදරටම ලැබුනා. ඒ ebay එක්ක කටයුතු කරන්න බය වෙන්න එපා කියලා මමත් කියනවා. මේ තියෙන්නෙ මේ මාස හයේදි මම එහෙම ගෙන්න ගත්තු දේවල් ටිකක්.

  • Keyboard protector – මගෙ ලැප්ටොප් එකේ කීබෝඩ් එකේ ආරස්සාවට.Batting Eyelashes
 140
  • USB LED flexibly lamp light for laptop – මේකනම් ගෙන්න ගත්තෙ යාලුවෙක්ටRolling Eyes
 lamp
  • Solar Power rechargeable LED Flashlight Torch Key chain – මේක recharge කරගන්න එක තමයි ටිකක් අමාරු.Tongue out
image
  • Ultrasonic pest repeller – මදුරු වදේට විසඳුම. හැබැයි කොච්චර මදුරුවො යනවද කියල නම් අහන්න එපා. Sleepy
image
  • Mini Bluetooth Dongle – පොඩි වුනාට එළටම වැඩ.  Wink
image
  • VGA to TV RCA S-VIDEO converter adapter cable – TV  එකෙන් මොනිටරය බලන්නට. හැබැයි මේකට මගෙ VGA card එක support නැහැනේ.Disappointed
image
  • SMA Jack to CRC9 male right angle  3G Huawei Modem – මේක ගෙදරට ආවෙ මේ සතියෙ. EDGE වලට වත් හරියට signal නැති අපේ ගෙදර ඉදන් මගෙ මොඩම් එකට (Huawei E156G) HSDPA signal එකක් අල්ල ගන්න මේ jack එක ලොකු පිහිටක් වුනා. දැන් අපේ ගෙදරටත් hsdpa.Big Grin
image

                        කොහොම කොහොම හරි මේ මාස හයේ වැඩි කාලයක් ගෙවිලා ගියේ මගෙ අධ්‍යනය කටයුතුත් එක්ක තමයි. දැන් විශ්වවිද්‍යාලයේ පලමු අධ්‍යන වසරත් අවසන්. මේ දවස් වල පලමු අධ්‍යන වසර අවසානයේ ලැබෙන මාස තුනක පමණ වූ නිවාඩු කාලය තමයි ගෙවෙන්නේ. මේ දවස් වල නම් වැඩිපුරම කරන්නේ අන්තර් ජංජාලෙ සැරිසරන එකයි. ඒ එක්කම Google map maker එක්කත් ඔට්ටු වෙනවා. අපේ ගම Google Map එකට දාන්න. ඔය අතරෙදි මම HSDPA signal ගත්තු හැටි, මගෙ 2.6Ghz processor එක 3.3Ghz වලට overclock කරපු හැටි වගේම metropolitan වලින් මගෙ ලැප් එකට warranty දුන්නු හැටි එහෙමත් ඉස්සරහට ලියන්නම්. (මේවා ගැන ලියන්නත් තවත් මාස ගානක් යයිද දන්නෙ නෑ……….)I dont know

No comments:

Post a Comment

කියවපු එකේ මොනවහරි ලියලම යන්න. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.