Friday, March 12, 2010

efor 2010 - තව සති දෙකයි.

මාස හයකට පස්සෙ නැවත බ්ලොග් ලිවීම පටන් ගත්තට පස්සෙ ‍ආයෙමත් පෝස්‍ට් එකක් ලියන්න වෙලාවක් ලැබුනෙ පහුගිය සති දෙකක වගේ කාලයකදී තමයි. ඒ වුනත් ලියන්න කියලා වි‍ශේෂ දෙයක් නොතිබු‍ණ නිසා මොනවත් ලියන්න වුනේ නෑ. ඔන්න දැන්නම් ලියන්න වි‍ශේෂ දෙයක් තියෙනවා.ඒ තමයි මම කලින් පෝස්ට් එකකදීත් සඳහන් ක‍ළ efor2010 ප්‍රදර්ශනය. ප්‍රදර්ශනයට තව හරියටම සති දෙකයි.දැන් මම මේ ප්‍රදර්ශනය ගැන විස්තර ටිකක් කියන්නම්.



efor 2010 කියන්නේ රුහුණු වි‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ 10 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන දැවැන්ත ඉංජිනේරු විද්‍යා ප්‍රදර්ශනයක්. ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ මාර්තු මාසයේ 26,27 හා 28 යන තෙදින තුලයි. පැවැත්වෙන ස්ථානය ගාල්ල හපුගල ඉංජිනේරු පීඨ ‍‍භූමිය. ප්‍රදර්ශනය තුල ප්‍රදර්ශනය තුල ප්‍රධාන වශයෙන් පහත දේවල් අඩංගු වෙනවා.

  • විදුලි හා විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව

  • සන්නිවේදන හා පරිග‍ණක ඉංජිනේරු විද්‍යාව

  • සිවිල් හා පාරිසරික ඉංජිනේරු විද්‍යාව 

  • යාන්ත්‍රික හා නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව 

  • වැඩමුළු හා සම්මන්ත්‍රණ

  • හමුදා ප්‍රදර්ශන කුටි

  • කර්මාන්ත ප්‍රදර්ශන කුටි

  • පාසල් නව නිර්මාණ
ඒ වගේම විශේෂයෙන්ම කිව යුතුයි, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින් පවත්වනු ලබන ප්‍රමුඛතම දීපව්‍යාප්ත රොබෝ තරඟාවලියක් මේ සමගම පැවැත්වෙනවා. ඒ විවෘත අංශය හා පාසල් අංශය යන අංශ දෙක ඔස්සේ. මේ ගැනත් ප්‍රදර්ශනය ගැනත් වැඩි විස්තර දැනගන්න කැමතිනම් www.efor.lk වෙත යන්න.
මේ දවස් වල අපේ මුළු ඉංජිනේරු පීඨයම මෙම ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම සඳහා කැපවීමෙන් වැඩ කටයුතු කරනවා. ඒ නිසා ප්‍රදර්ශනය බලන්න එන හැමෝටම බොහෝ දේවල් ලබා ගන්න පුළුවන් වේවි. සමහර විට ප්‍රදර්ශනය අවසන් වෙනතෙක් මට නැවත ‍‍ලිපියක් ලියන්න වෙන එකක් නෑ. ඒ නිසා පුළුවන් හැමොගෙන්ම විශේෂයෙන් ගාල්ල අවට ප්‍රදේ‍ශවල අයගෙන්, මේ efor2010 ප්‍රදර්ශනය බලන්න එන්න කියලා මම ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment

කියවපු එකේ මොනවහරි ලියලම යන්න. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.