Tuesday, June 16, 2009

IM/My friends මගින් chat කරමු.

අද බොහොමයක් ජංගම දුරකථන වල තිබෙන පහසුකමක් තමයි මේ Instant
Messanger(IM) එහෙමත් නැතිනම් My friends කියන්නේ. නමුත් වැඩි දෙනෙක්
මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බවක් පෙනෙන්න නෑ. ඒත් settings හදාගත්තට පස්සෙ
මේ මගින් ඉතා පහසුවෙන් chat කරන්න පුළුවන්. ඒ සඳහා මුලින්ම අපි IM වලට
සහය දක්වන වෙබ් අඩවියක ලියපදිංචි වියයුතු වෙනවා.

http://www.mobjab.com කියන්නෙ මේ සඳහා ඉතා සුදුසු අඩවියක්. මෙය MSN,
Yahoo Messanger වැනි ජනප්‍රිය සේවාවන් වලටද සහය දක්වන අතර එය
ලබාදෙන්නෙත් නොමිලේමයි.

මෙහි ලියාපදිංචි වූ පසු කරන්න තියෙන්නේ අපේ දුරකථනයේ අදාල settings හදා
ගැනීමයි. මේකට IM/My friends වල settings වලට ගිහින් username හා
password සඳහා ඔබේ mobjab වල username හා password එකත් server සඳහා
http://mobjab.mobi ලෙසත් ලබාදෙන්න. මේ පිළිබඳ වැඩි විස්තරත් mobjab
අඩවියෙන්ම ලබාගන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ IM/My friends වල Login වී ඔබේ මිතුරන් සමග chat
කිරීමයි.

4 comments:

  1. මේකට Data usage වලට විතරද charge වෙන්නේ?

    ReplyDelete
  2. මේක GTalk එකටත් සපෝට්. මම කලින් ටික දවසක් පාවිච්චි කරා. මතක විදියට එතකොට ස'වර් නේම් එක http://mobjab.net කියල වෙනස් වෙන්න ඕන.

    ReplyDelete
  3. මේකෙදි ගෙවන්න වෙන්නෙ Data usage එකට විතරයි. Mobjab Gtalk වලටත් සපෝට්. ඒත් ඉතින් මගෙ k810 නම් http://mobjab.net වලට සපෝට් කරන්නෙ නෑ.

    ReplyDelete
  4. http://blog.malindaprasad.com/2008/10/27/work-with-my-friends-or-im-in-mobile-phone

    එකත් බලන්නකො

    ReplyDelete

කියවපු එකේ මොනවහරි ලියලම යන්න. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.