Sunday, July 5, 2009

SUPER (c) මීඩියා පරිවර්ථකය.

ඔන්න ටික දවසකට පස්සෙ පෝස්ට් එකක් ලියන්න ලැබුනා. මේක මම සෑහෙන දවසකට
කලින් ලියන්න හිතපු දෙයක්. ඒත් ලියාගන්න බැරිවුනා. මම මේ ලියන්න හදන්නෙ
මීඩියා පරිවර්ථකයක් ගැන.

මේකෙ නම SUPER. නමින්ම කියවෙන පරිදි එය ඇත්තටම සුපිරි පරිවර්ථකයක්.
(Simplified universal player, encoder & renderer).මේකට ඕනෑම media
format එකකට අදාල file පරිවර්ථනය කිරීමට මෙන්ම ධාවනය කිරීමටත් පුළුවන්.
මම මේක වැඩිපුරම යොදාගන්නෙ මගෙ ෆෝන් එකට video file, 3GP හෝ MP4 විධියට
දාගන්න ඕන උනාමයි. බොහෝ මීඩියා පරිවර්ථක වර්ග අන්තර්ජාලයේ හොයාගන්න
තිබුනත් ගොඩක් ඒව trial version. එම නිස ඔවුන්ගේ විවිද සීමා කිරීම් වලට
යටත් වෙන්න සිදුවෙනවා. එසේම ලැබෙන file වල තත්වයත් බොහෝවිට අඩුයි. මුදල්
ගෙවා නම් මෙම සීමාකිරීම් වලින් මිදෙන්න පුලුවන්.

නමුත් SUPER ලබාදෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ. එසේම එය full version එකක්
නිසා කිසිම සීමා කිරීමක් නෑ. ලැබෙන file ඉතා ඉහල තත්වයෙන් ලබාගන්න
පුලුවන්. මේකට ඔවුන්ගේ වෙබ් අඩවියෙන්ම SUPER බාගත යුතුයි. ඇත්තෙන්ම SUPER කියන්නෙ මුදලට
ලබාදෙන පරිවර්ථක වලට කල නොහැකි දේත් නොමිලේම ඉටුකරගත හැකි සුපිරි
පරිවර්ථකයක්. SUPER බාගන්න යන්න.

http://www.erightsoft.net/SUPER.html

--
Sent from my mobile device

5 comments:

  1. මේක ගැලපෙන්නෙ mobile media වලට විතරද? නැත්තං ඕනෙ වැඩකට සුපර්ද?

    ReplyDelete
  2. ඕන වැඩකට SUPER

    ReplyDelete
  3. ඔනේ වැඩකට සුපර් කියන්න බෑ. හබැයි දැන් තියන අළුත්ම version එකෙ bugs වැඩියි ! අනික පරිගනකය හොඳ එකක් වෙන්න ඔනේ. 3gp-mp4කරන්න නම් සුපර් !!!

    ReplyDelete
  4. mobile media වලට නෙමෙයි.
    මේක General Converter එකක්.
    Free, ගොඩක් දේවල් ක‍රතැහකි!

    හැබැයි මගේ ප‍රිගණකය නම් මේකට ඔරොත්තු දෙන්න නැති ලු!
    ඒත් වැඩ ක‍රනවා...

    මෙකෙ අනවශ්‍ය වූ බ‍රපතල බවක් තියෙනව !?!!
    එක එක දේ ක‍රන්න ස‍රල පට්ට වෙනත් විවිධ ඒව භාවිත ක‍රන එක තමයි මම නම් ක‍රන්නෙ!

    ReplyDelete
  5. ඔන්න මාත් මේක ටෙස්ට් කරන්නයි යන්නෙ. ස්තුතියි ඔත්තුවට.!

    ReplyDelete

කියවපු එකේ මොනවහරි ලියලම යන්න. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.