Wednesday, January 13, 2010

මම ආයෙත් බ්ලොග් ලියනවා

ඔන්න ඉතිං‍ මම ආයෙත් බ්ලොග් ලියන්න ආවා. මගේ අන්තිම බ්ලොග් පෝස්ට් එක ලිව්වෙ දැන් මාස හයකටත් පොඩ්ඩක් කලින්. මෙ පමණ කාලයක් බ්ලොග් එක ලියන්න බැරි වුනේ හේතු කිහිපයක් නිසයි. ප්‍රධානම හේතුව කාර්යබහුල වීම. මගේ කම්මැලිකමත් තවත් හේතුවක්. කොහොම වුනත් බ්ලොග් කියවන එකනම් දිගටම කරගෙන ගියා.

ගෙවී ගිය මාස හයක කාලයේදී මගේ ජී‍විතේ ගොඩක් දේවල් වෙනස් වුනා. හේතුව මටත් කැම්පස් යන්න වීම. ඒ ගාල්ල හපුගල පිහිටි රුහුණු විශ්වවිද්යාකලයේ ඉංජිනේරු පීඨයට. මේ නිසා මුලින්ම මගේ පදිංචිය ගාල්ලට වෙනස් වුනා. ඊට පස්සෙ නොදැනීම වගේ කැම්පස් ජීවිතයෙනුත් මාස හයක්ම ගෙවී ගිහින්. දැන් පළමු සමාසිකයත් ඉවරයි. ලබන සතියේ පළමු සමාසිකයේ අවසාන විභාගය පටන් ගන්නවා. ගෙවී ගිය කාලය බොහොම කාර්යබහුල වුනා. නිවාඩුවක් ලැබුනේ කෙටි කාලයකට විතරයි. ඒ වුනත් මේ කාලය තුළ ජීවිතයට ගොඩක් අත්දැකීම් හා අමතක නොවන සිදුවීම් රැසක් ලැබුනා. ඒ ගැන විස්තර ඉදිරි දවසකදී කියන්නම්.
අපේ ඉංජිනේරු පීඨය ගැන කියනවා නම්, මොරටුව හා පේරාදෙණිය හැරුනුවිට ලංකාවේ තිබෙන අනෙක් එකම ඉංජිනේරු පීඨය වන්නේ හපුගල ඉංජිනේරු පීඨය යි. නමුත් ලංකාවේ වැඩිදෙනෙක් හපුගල ඉංජිනේරු පීඨයක් තිබෙන බව දන්නේ නැහැ. ඇත්තටම මමත් මෙහෙට එන්න කලින් මේ ගැන වැඩි දෙයක් දැනගෙන තිබුනේ නැහැ. අපේ ඉංජිනේරු පීඨයෙනුත් මොරටුව හා පේරාදෙණිය ඉංජිනේරු පීඨ වලට නොදෙවෙනි ඉංජිනේරු උපාධියක් පිරිනමනවා. එසේම පීඨයේ සහෝදර කැලත් බොහොම වටිනවා. ඒ නිසා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට එනවා නම් නොපැකිලව එන්න කියා මම ආරාධනා කරනවා.

‍අපේ ඉං‍ජිනේරු පීඨය ගැන වැඩි දෙනෙක් නොදැන සිටිමට හේතුව තවම පීඨය ‍ආරම්භ කර වසර දහයක් පමණක් වීමයි. පීඨයේ දස වැනි සංවත්සරය යෙදී තිබෙන්නේ මේ වසරේ. මේ දස වැනි සංවත්සරය සමරන්න අපේ පීඨයෙන් ප්‍රදර්ශනයක් පවත්වනවා. ප්‍රදර්ශනයේ නම  EFOR 2010. ප්රයදර්ශනය පවත්වන්නේ මාර්තු මස 26, 27 හා 28 යන දින වලදීයි. මේ ගැන වැඩි විස්තර මම ඉදිරි දිනයකදී කියන්නම්. අලුත්ම විස්තර බලාගන්න කැමති අය www.efor.lk වෙත යන්න.

ලියන්න නම් ගොඩක් දේවල් තියනවා. ඒත් ඉතිං විභාගයට පාඩම් කරන්නත් එපැයි. වෙලාවක් ආවම ආයෙත් ලියන්නම්. ‍කොහොම හරි දිගටම ලියන්න තමයි කල්පනාව.........

9 comments:

  1. සතුටුයි නැවත පැමිණිම පිළිබද ....

    ReplyDelete
  2. වෙලාව තියන හැටියට දිගටම ලියන්න.

    ReplyDelete
  3. වෙලා තියෙන විදියට ලියන්න...

    ReplyDelete
  4. ඒල ඒල මචං... උඹ ලියපං අපි ඉන්නව කියවන්න...

    ReplyDelete
  5. මමත් ගාල්ලේ..ප්‍රදර්ශනේ බලන්න එන්නම්....

    ReplyDelete

කියවපු එකේ මොනවහරි ලියලම යන්න. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.