Wednesday, May 20, 2009

සත පහට SMS යවමු.

                      නිදහස් ශ්‍රී ලංකාවක සිට ලියන මගේ පළමු සටහනයි මේ. අපේ රණවිරුවන්ට පිං සිද්ධ වෙන්න ඊයේ අපේ රටට සැ‍බෑම නිදහස ලැබුණා. ඉතින් ඒ නිදහ‍ස භුක්ති විඳින ගමන් නිදහසේ Message යවන ක්‍රමයක් ගැන සටහනක් ලියන්න හිතුවා. මෙච්චර දවසක් මට අළුත් ‍post එකක් දාන්න බැරිවුනේ මගේ පරිගණකයේ ඇතිවී තිබූ දෝශයක් නිසයි. Mobile එකෙන් දාන්න පුළුවන් කම තිබුණත් ‍වඩා හොඳට දාන්න ඕන නිසා දැම්මේ නෑ. හැබැයි දැන්නම් සෑහෙන දෙනෙක් මේ ගැන දන්නවා ඇති. මේ සටහන ඒ ගැන නොදන්නා අයටයි. ඉතින් කොහොම හරි සත පහට Message යවන්නේ මෙහෙමයි.

මේ සඳහා Shorty j2me application එක ‍ෆෝන් එකට බාගන්න වෙනවා.
හැබැයි මෙමගින් Message යැවිය හැක්කේ Mobitel අංක වලට පමණයි. ඇත්තෙන්ම මෙහිදී Message එක යන්නේ email2sms විධියට. ගාස්තු අයවන්නේ GPRS සඳහා පමණයි. ඕනෑම ජංගම දුරකථන ජාලයක සිට Mobitel අංක වෙත මෙයින් Message යැවිය හැකි වුවත් සත පහට Message යවන්න පුළුවන් Mobitel, Dialog හා Airtel යන ජාල වල සිට පමණි. ඊට හේතුව තමයි Tigo හා Hutch විසින් GPRS සඳහා ආරම්භක ගාස්තු වශයෙන් රු.2ක් අයකිරීම. සත පහට කිව්වට ඇත්තටම මෙ‍හිදී බොහෝ වෙලාවට කැපෙ‍න්නේ සත 2ක්, 3ක් වගේ තමයි.

Shorty වලින් Message යැවීමට පෙර මුලින්ම ඔබේ දුරකථන අංකය Register කර ගත යුතු වෙනවා. මේ සඳහා Shorty වල Register Phone වෙත ගොස් ඔබේ ජංගම දුරකථන අංකය ඇතුලු කර Request code ඔබන්න. ටික වෙලාවකින් ඔබේ ‍code එක sms මගින් ලැබේවි. එය ඇතුලු කර Shorty activate කර ගන්න. 


මෙය සිදුකල යුතු වන්නේ shorty භාවිතා කරන මුල් වරට පමණයි. එයින් පසු Send sms ඔස්සේ ගොස් සාමාන්‍ය ආකාරයට sms යවන්න පුළුවන්.



           shorty භාවිතා නොකර මොබිටෙල් අංකය@sms.mobitel.lk කියන email address එකට Gmail වැනි application එකක් මගින් email එකක් යැවීමෙනුත් මේ අයුරින් email2sms යැවිය හැකි වුවත් shorty වලදී අදාල අංකය පමණක් ඇතුලත් කර sms යැවිය හැකි වීමත් එය ජංගම දුරකථනයේ Phone book සඳහා සහය දැක්වීමත් විශාල පහසුවක්.

                එසේම මෙහි මම දුටු දුර්වලතා කිහිපයකුත් තිබෙනවා. එකක් නම් sms එකකට ඇතුලත් කළ හැකි වචන ප්‍රමාණය සීමා සහිත වීමයි. අනෙක message යවන සෑම විටම මුල් code එක ඉල්ලා සිටීමයි. නමුත් මෙහිදී code එක ඇතුලත් කිරීම අවශ්‍ය නොවේ. අප යවන sms ලැබේ යැයි 100% සහතික විය‍ නොහැකි වීම අනෙක් දුර්වලතාවයි. නමුත් බොහෝ විට මෙම sms එම මොහොතේම වගේ අදාල දුරකථනයට ලැබෙනවා. ඔබත් shorty භාවිතා කර බලන්න.

shorty බාගන්න. http://www.msg.lk

2 comments:

කියවපු එකේ මොනවහරි ලියලම යන්න. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.